LCB ෆිනෑන්ස් කාන්තාවන් සඳහාම විශේෂයෙන් මෙම ගිණුම නිර්මාණය කර "RAJINI ඉතුරුම් ගිණුම" ලෙස හඳුන්වා දෙන්නේ ඉතා ආඩම්බරයෙනි. එය කාන්තා වන්ගේ මූල්‍ය සවිබල ගැන්වීම උදෙසාම ඔවුන්ගේ අභියෝග ජයගෙන, අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම්ට නිවැරදි මග පෙන්වීම ලබා දෙමින් කාන්තාවන්ට සහාය වීම අපගේ අරමුණයි.
මූලික ලක්ෂණ
- අමතර මූල්‍ය සැපයීම සඳහා ඉහළ ප්‍රතිලාබ - සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට වඩා ඉහළ පොලී අනුපාතය.
- මූලික තැන්පතුව රු.1,000.00 කි.
- ස්ථාවර නියෝග පහසුකම්.
- පොලිය දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කෙරේ.
- සිදු කරන සෑම ගනුදෙනුවක් සඳහාම නොමිලේ SMS දැනුම්දීම.
සුදුසුකම්
- RAJINI ඉතුරුම් ගිණුම වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවෘත කළ හැ ක.
අවශ්‍යතා
- Mandate පත සම්පූර්ණ කිරීම.
- වලංගු ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්
- KYC (ඔබේ පාරිභෝගිකයා දැනගන්න - අවශ්‍යතාවය - NIC අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය.
- ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයට වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබා දීම් අත්‍යවශ්‍ය වේ.