පොඩිත්තා ඉතුරුම් ගිණුම්
පොඩිත්තා ඉතුරුම් ගිණුම්

LCB පොඩිත්තා ළමා ඉතුරුම් ගිණුමෙන් ඔබේ දරුවාගේ හෝ ඔබේ මුනුබුරාගේ අනාගතය ඵලදායි ලෙස ගොඩනඟා ගැනීම සඳහායි. LCB පොඩිත්තා ළමා ඉතුරුම් ගිණුමෙන් අදහාගත නොහැකි ප්‍රතිලාභ පිරිනැමේ.

මූලික ලක්ෂණ

  • ආකර්ශනීය පොලී අනුපාතය
  • ගිණුම් ශේෂයේ වර්ධනය සමඟින් විශ්මිත ප්‍රතිලාභ රැසක්
  • ඕනෑම මුල්‍ය ආයතනයක් සමඟ ස්ථාවර නියෝග හරහා කාලීන බැර කිරීම්.
  • ගිණුමේ ශේෂය මත පදනම් වූ ආකර්ෂණීය තෑගි යෝජනා ක්‍රමයක්,
  • මුදල් ආපසු ගැනීමේදී දරුවාගේ අවශ්‍යතා අධ්‍යාපනික සහ වෛද්‍ය කටයුතු සපුරාලීම සඳහා නම් සමාගමේ අභිමතය පරිදි අවසර දෙනු ලැබේ.

 

සුදුසුකම්

  • වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි, උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් දෙමාපියන් / භාරකරුවන්ට ගිණුම් විවෘත කළ හැකි වේ.
  • අවම තැන්පතු මුදල රු. 1,000/=

 

අවශ්‍යතා

  • ගිණුම්නි විවෘත කිරීම් සඳහා නිසි පරිදි පිර වූ අයදුම්පත
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපත
  • දෙමාපියන්ගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ / ගමන් බලපත්‍රයේ / රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයන් වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබාදීම් අවශ්‍යතාවය වේ.